ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.
සුපිරි 06දෙනාගේ තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තරගයේදී වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, එය චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවට තහවුරු වී ඇති අතර ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව සඳහන්.
වනිඳු හසරංග වසරක් තුළ සිදුකළ මෙවැනි ආකාරයේ දෙවැනි වරද මෙය වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරනවා.