ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ලබාදෙන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ICCය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී කාන්තා සහ පිරිමි තරග සඳහා සමාන ත්‍යාග මුදලක් ලබාදීමට ICCය තීරණය කර ඇති බව සඳහන්.
එහිදී එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා සහ පිරිමි තරග සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල සමාන වනු ඇති.
දකුණු අප්‍රිකාවේ පැවැති ICC වාර්ෂික රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර එහිදී දේශීය විස්සයි විස්ස ලීග් තරගාවලිවලට බලපාන නව නීති පැනවීමට ද ICCය තීරණය කර ඇති බව සඳහන්.