එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද වාර්තාවක ”වෙනස් කොට සැලකීමේ අත්දැකීම් පිළිබඳව” තමන් දැඩි කණගාටුව පළ කරන බව එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් පවසනවා.
එමෙන්ම ක්‍රිකට් හි සාධාරණත්වය සඳහා වන ස්වාධීන කොමිෂන් සභාව (ICEC) ප්‍රකාශ කර ඇත්තේ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් වල ජාතිවාදය, ලිංගිකත්වය, පන්තිවාදය සහ ප්‍රභූත්වය “පුළුල්ව පැතිරී ඇති” බවයි.
ඒ අනුව සියලු ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා යුතු බව බෙන් ස්ටෝක්ස් සඳහන් කරනවා.