2024 IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් 19 වන දින පැවැත්වෙනවා.
මෙම වෙන්දේසිය ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර IPL වෙන්දේසියක් විදේශයන්හි පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
මෙහිදී කණ්ඩායමක් සඳහා මුදල් ලන්සුව රුපියල් කෝටි 100ක් දක්වා ඉහළ නංවා ඇති අතර එය පසුගිය තරග වාරයට සාපේක්ෂව රුපියල් කෝටි 5ක ඉහළ යාමක් වන බව සඳහන් වනවා.
ඒ අනුව රඳවා ගෙන සිටින සහ නිදහස් කරන ලද ක්‍රීඩකයන්ගේ ලැයිස්තු නිකුත් කිරීම සඳහා කණ්ඩායම් වලට නොවැම්බර් 15 වන දින දක්වා කාලය ලබා දී ඇති බව සඳහන්.
(dailysports.online)