| ATHLETICS ජේක් වයිට්මන්ට මීටර් 1500 ශූරතාව අහිමි වන ලකුණු

ජේක් වයිට්මන්ට මීටර් 1500 ශූරතාව අහිමි වන ලකුණු

ජේක් වයිට්මන්ට මීටර් 1500 ශූරතාව අහිමි වන ලකුණු post thumbnail image

ලබන මාසයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියේදී මීටර් 1,500 ශූරතාව තමන්ට අහිමි වනු ඇති බව ජේක් වයිට්මන් ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පුහුණුවීම් අතරතුර ඔහුගේ පාදය අබාධයකට ලක්වීම මෙයට හේතුව බව සඳහන්.

28 හැවිරිදි ඔහු පසුගිය වසරේ ඔලිම්පික් ශූර Jakob Ingebrigtsenව අවසන් වටයේදී පරාජය කළා.

වයිට්මන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 1500 ලෝකඩ සහ යුරෝපීය ශූරතාවලියේදී මීටර් 800 රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා.

ඔහු මෙම වාරයේ තරඟ නොකළ නමුත් වත්මන් ශූරයා ලෙස ලෝක ශූරතාවලියේ ස්ථානයක් හිමි වනවා.

එමෙන්ම වයිට්මන් ලබන වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.instagram.com/p/CuTnefYIz7B/?utm_source=ig_web_copy_link&igshid=MzRlODBiNWFlZA==

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post