ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ළහිරු තිරිමාන්නගේ ඉල්ලා අස්වීම සිය විධායක කමිටුව විසින් පිළිගත් බවයි.
පසුගියදා පැවති රැස්වීමකදී තිරිමාන්නගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීමට එහි විධායක කමිටුව තීරණය කළ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44කට, එක්දින තරග 127කට සහ විස්සයි20 තරග 26කට පෙනී සිටි අතර, සිය රට වෙනුවෙන් සියලු ආකාරවලින් ජාත්‍යන්තර ලකුණු 5500කට වඩා රැස් කර තිබෙනවා.
