LPL ක්‍රිකට් තරගාවලියේ ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ‘දඹුල්ල අවුරා’ කණ්ඩායමට ආරධනා කළා.
එම තරගයෙන් ලකුණු 20කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 41ක් හා Ben McDermott ලකුණු 37ක් රැස් කළා.
පන්දු යැවීමේදී ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ, ලකුණු 142ක් පමණයි.
මෙම ජයග්‍රහණයත් සමග LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන සිය ස්ථානය තවදුරටත් රැකගැනීමට ‘දඹුල්ල අවුරා’ කණ්ඩායම සමත් වුණා.
