2023 LPL තරගාවලියේ 17 වන තරගය Jaffna Kings සහ Galle Titans කණ්ඩායම් අතර අද පැවැත්වුණා.
එම තරගයේ කඩුලු 7ක ජයක් ලබා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 89ක් රැස් කළා.
Dunith Wellalage ලකුණු 22ක් සහ Thisara Perera ලකුණු 13ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 90ක ඉලක්කයක් හඹා ගිය Galle Titans කණ්ඩායම පන්දුවාර 13 පන්දු 2 කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.