Galle Titans කණ්ඩායමේ නවසීලන්ත ක්‍රීඩකයින් වන Tim Seifert සහ Chad Bowes සංචිතයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් වෙනුවට විදේශීය ක්‍රීඩකයින් ලෙස Najibullah Zadran සහ Liton Das ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.
නවසීලන්ත ක්‍රීඩකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T20I තරඟ තුනක තරඟාවලියක් සඳහා නවසීලන්ත T20I සංචිතයට එක්වනවා.
එමෙන්ම Tim Seifert පසුව තරඟ හතරකින් යුත් T20I තරඟාවලියක් සඳහා එංගලන්තයට ගමන් කිරීමට නියමිතයි.