අද පල්ලෙකැලේදී පැවති LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්වුණා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 160ක් රැස්කර ගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනේශ් චන්දිමාල් පන්දු 29කදී හතරේ පහර 7ක් සමග ලකුණු 48ක් රැස්කළා.
