2023 LPL තරගාවලියේ අවසාන පූර්ව වටයේ Galle Titans සහ Dambulla Aura අතර පැවති පළමු තරගය කඩුළු 6ක ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Galle Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් හතරේ පහර 7ක් සමග ලකුණු 80ක් රැස්කර ගත්තා.
ඒ අනුව ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය Dambulla Aura කණ්ඩායම කඩුලු 4ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.