2023 LPL තරගාවලියේ තරග පැවති පළමු දින 03 තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.8ක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක්, ලකුණු හයක් සඳහා රුපියල් 6,000 ක් සහ යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිට්ල් හාට්ස් වෙනුවෙන් පරිත්‍යාග කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.
මෙතෙක් ක්‍රීඩා කර ඇති පළමු තරග 5 තුළදී හතරේ පහර 129ක් සහ හයේ පහර 50ක් වාර්තා වී ඇති අතර, නිලකුණු පන්දු 494ක් යොමුකර තිබෙනවා.
මේ අතර දින දෙකක විවේකයෙන් පසු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද (04) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී නැවත ආරම්භ වනවා.