| CRICKET LPL සඳහා අවසර ඉල්ලුවේ නැහැ – ක්‍රීඩා ඇමති

LPL සඳහා අවසර ඉල්ලුවේ නැහැ – ක්‍රීඩා ඇමති

LPL සඳහා අවසර ඉල්ලුවේ නැහැ – ක්‍රීඩා ඇමති post thumbnail image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ LPL තරඟාවලියේ හිමිකම් දරන්නා මෙවර LPL තරඟාවලිය පැවැත්වීමට පෙර තමාගේ අවසරය ඉල්ලා නොසිටි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා නීතියට අනුව ඕනෑම තරගාවලියකට පෙර ඔහුගේ කැමැත්ත ලබාගැනීම අවශ්‍ය බවයි.

“ක්‍රීඩා නීතියේ ප්‍රතිපාදන අනුව තරගාවලිය සඳහා අනුමැතිය ලබා ගන්නා ලෙස මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෙවරක් ලිව්වා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ,” අමාත්‍යවරයා කියා සිටියා.

මේ හේතුවෙන් තමාට ආරාධනා ලැබුණ ද තරගාවලියේ සමාරම්භක උත්සවයට තමන් නොගිය බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවත් කළු පැල්ලමක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post