ජර්මනියේ පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා වන මැනුවෙල් නියුයර් මෙම සති අන්තයේ නැවත ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.
37 හැවිරිදි නියුයර් 2022 දෙසැම්බර් මාසයේදී හිම මත ලිස්සායාමේදී ආබාධයට ලක් වුණා.
මේ වනවිට ඔහුගේ කකුල කැඩී යාමෙන් මාස 10 කට වැඩි කාලයක් ගත වී ඇති බව සඳහන්.
ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස අගභාගයේදී ඔහු නැවත පුහුණුවීම් වලට පැමිණ තිබෙනවා.
(dailysports.online)