| CRICKET MI New York පළමු MLC කිරුළ තමන් සතු කර ගනියි

MI New York පළමු MLC කිරුළ තමන් සතු කර ගනියි

MI New York පළමු MLC කිරුළ තමන් සතු කර ගනියි post thumbnail image

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු Major League Cricket තරගාවලිය අද (31) උදෑසන නිමා වුණා.

ඒ අනුව එහි පළමු ශූරයින් ලෙස MI New York කණ්ඩායම විසින් කිරුළ ලබා ගත්තා.

අද පැවැත්වුණු තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගැනීමට Seattle Orcas සහ MI New York කණ්ඩායම් සමත් වුණා.

Seattle Orcas නියෝජනය කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ද මෙම තරගයට සහභාගී වූ අතර එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ව සිටි දසුන් ශානක LPL තරගාවලිය නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ඔහුට මෙම අවසන් තරගය මග හැරී ගියා.

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගාවලියේ MI New York කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම විශේෂත්වයක්.

Seattle Orcas – 183/9 (20) Quinton de Kock 87, ශෙහාන් ජයසූරිය 16

MI New York – 184/3 (16) Nicholas Pooran 137, Dewald Brevis 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post