ඇමරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (13) ටෙක්සාස් සුපර් කිංග්ස් සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා.
ඒ අනුව ටෙක්සාස් කණ්ඩායම එම තරගය ලකුණු 69කින් ජය ගත්තා.
ෆෆ් ඩු ප්ලේසිස් නායකත්වය දරන ටෙක්සාස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 181ක් රැස්කළා.
ඩෙවොන් කොන්වෙ ලකුණු 55ක් රැස්කළ අතර තරගයේ වීරයා වූ ඩේවිඩ් මිලර් ලකුණු 61ක් ලබා ගත්තා.
පන්දු යැවීමෙන් අලි ඛාන් සහ ලොකී ෆර්ගුසන් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් වුණා.
ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස්කළේ ලකුණු 112ක් පමණි.
අන්ඩ්රේ රසල් පන්දු 34කදී ලකුණු 55ක් රැස් කළා.