| CRICKET Nathan Lyon අළුබඳුනෙන් ඉවතට

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට

Nathan Lyon අළුබඳුනෙන් ඉවතට post thumbnail image

එංගලන්තය සමඟ පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon ආබාධයකට ලක් වුණා. 

ඒ හේතුවෙන් ඔහුට සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබෙනවා. 

දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටිය දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට පන්දු යැවීමට නොහැකි වුණා. 

මෙම ආබාධයට පෙර ඔහු ටෙස්ට් තරග 100ක් කිසිදු ආබාධයකින් තොරව ක්‍රීඩා කිරීමට සමත්ව තිබූ අතර ක්‍රීඩකයින්ට ඉතා අපහසු වන එම කඩඉම මීට පෙර පසු කර තිබුණේ Alastair Cook, Allan Border, Mark Waugh, Sunil Gavaskar සහ Brendon McCullum යන ක්‍රීඩකයින් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post