2023 දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග ඊයේ දිනයෙන් (30) නිමා වුණා .
එහිදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තමන් නියෝජනය කළ C කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි කර ගත්තා.
ඊයේ වේල්සය සමඟ පැවැත්වුණු තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමට තිබූ ආසන්න අවස්ථාවක් මග හැරී ගියා.
ඒ අනුව C කාණ්ඩය නියෝජනය කරමින් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සය ඉදිරි වටය තෙක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මේ අතර කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලානයේ A,B,C සහ D කාණ්ඩවල අවසන් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් E කාණ්ඩයක් යටතේ මෙවර තරගාවලියේ 13 සිට 16 දක්වා ස්ථාන වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, බාර්බඩෝස් සහ සිංගප්පූරුව ද අවසන් ස්ථාන හතර වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා E කාණ්ඩයට තේරී පත් වී තිබෙනවා.
මෙම කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අද (31) සිට තරග වැදීමට නියමිතයි.