ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය ආයතන අතර රැස්වීමක් පවත්වා තිබෙනවා.
ඒ අනුව එම රැස්වීම ධනාත්මක ලෙස අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පාකිස්තාන විදෙස් අමාත්‍ය Bilawal Bhutto ඇතුළු පිරිස ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමට 2016 වසරේ ලැබූ පරිදි විශේෂ ආරක්ෂාවක් ඉන්දියාවෙන් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන්.
එමෙන්ම පාකිස්තාන දූත පිරිස ඉදිරි දින කිහිපයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.
රටවල් අතර තිබෙන දේශපාලන සහ වෙනත් ගැටලු අමතක කර ක්‍රීඩාව දේශපාලනයෙන් වෙන් කිරීමට මෙම තරගාවලිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙන අතර ඒ පිළිබඳ නිල නිවේදනය ඉක්මනින් නිකුත් කරන බව වාර්තා වනවා.