පකිස්ථාන කාන්තා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ 2 වන එක්දින තරගය ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
Nigar Sultana ලකුණු 54ක් සහ Fargana Hoque ලකුණු 40ක් ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 170ක ඉලක්කයක් හබා ගිය පකිස්ථාන කණ්ඩායමටත් රැස් කර ගත හැකි වුයේ ලකුණු 169ක් පමණයි.
Sadaf Shamas ලකුණු 29ක් සහ Nida Dar ලකුණු 27ක් රැස් කළා.
ඒ අනුව කණ්ඩායම් 2ම ලකුණු සම වීම නිසා සුපිරි පන්දුවාරයකට යාමට විනිසුරුවන් තීරණය කළා.
එහිදී සුපිරි පන්දුවාරයේ ජය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරගය ජය ගත්තා
(dailysports.online)