අයර්ලන්ත ආරම්භක පිතිකරු Paul Stirling එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකයා ලෙස නම් කර තිබෙනවා.
ස්ටර්ලින් 2008 වසරේ අයර්ලන්තය වෙනුවෙන් මංගල තරගය ක්‍රීඩා කිරීමෙන් පසු එක්දින තරග 156 කදී ලකුණු 5,623ක් සහ විස්සයි20 තරග 131 කදී ලකුණු 3,408ක් රැස්කර තිබෙනවා.
එමෙන්ම ඔහු 2021දී අයර්ලන්ත ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර ඔහු එම වසරේම එක්දින තරඟවල වැඩිම ලකුණු ලාභියා බවටද පත් වුණා.
2019දී ප්‍රාන්ත ක්‍රීඩාවට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් තෝරා ගත් Paul Stirling ලෝක කුසලාන දෙකකට ක්‍රීඩා කර තිබෙනවා.
(dailysports.online)