ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ සුවදුක් විමසා බැලීමට ගොස් තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ළමා රෝහල වෙත රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීමට මිට පෙර කටයුතු කළා.
පසුගියදා නිමාවට පත් වූ LPL තරගාවලියේ දී දියත් කෙරුණු අරමුදල් රැස් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් අනුවයි මෙම පරිත්‍යාගය සිදු කළේ.





