| WWE Roman Reigns ඇදහිය නොහැකි WWE සන්ධිස්ථානයට ළඟා වෙයි

Roman Reigns ඇදහිය නොහැකි WWE සන්ධිස්ථානයට ළඟා වෙයි

Roman Reigns ඇදහිය නොහැකි WWE සන්ධිස්ථානයට ළඟා වෙයි post thumbnail image

Roman Reigns පසුගිය වසර කිහිපය තුළ WWE තරග වලින් ඇදහිය නොහැකි සන්ධිස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ ඔහු “The Tribal Chief,” ලෙස අන්වර්ථ නාමයෙන් ප්‍රතිනිර්මාණය කිරීමෙන් පසුවයි.

එහිදී ඔහු වසර දෙකකට ආසන්න කාලයක් විශ්ව ශූරතාවලිය සහ වසරකට වැඩි කාලයක් WWE ශුරතාවය තමන් සතු කර ගැනිමට සමත් වුණා.

WWE Universal Championship දිනා ගැනීමට ඔහු WWE Payback 2020 දී Braun Strowman සහ Bray Wyatt ට එරෙහිව ත්‍රිත්ව තර්ජන තරඟයක් ජයග්‍රහණය කළා.

එතැන් සිට, ඔහු Daniel Bryan, Edge, Kevin Owens, Jey Uso, Rey Mysterio, Cesaro, Finn Balor, John Cena, Goldberg, Sami Zayn, Matt Riddle සහ වෙනත් අයට එරෙහිව ශූරතාව ආරක්ෂා කර ගැනීමට ද සමත් වී තිබෙනවා.

Roman Reign WWE විශ්ව ශූරතාවලිය WWE ශූරතාවය සමග ඒකාබද්ධ කිරීමට Brock Lesnar පරදවා පසුගිය වසරේ WrestleMania 38 හිදී WWE අවිවාදිත විශ්ව ශූරයා බවට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post