| RUGBY රොෂාන්ගේ ගැසට් නිවේදනයකට තහනමක්

රොෂාන්ගේ ගැසට් නිවේදනයකට තහනමක්

රොෂාන්ගේ ගැසට් නිවේදනයකට තහනමක් post thumbnail image

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් මහතාගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන්.

රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව නියෝගයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post