| CRICKET සංජු සැම්සන් නැවතත් ඉන්දීය සංචිතයට

සංජු සැම්සන් නැවතත් ඉන්දීය සංචිතයට

සංජු සැම්සන් නැවතත් ඉන්දීය සංචිතයට post thumbnail image

2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන T20 තරගාවලිය සඳහා ඉන්දීය සංචිතයට සංජු සැම්සන් ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

එහි දී KL රාහුල් විවේක ගැන්වීමත් සමඟ සංජු සැම්සන් ඉන්දීය කණ්ඩායමට නැවත පැමිණීමට ඉඩ ඇති අතර ඉෂාන් කිෂාන් ද විවේක ගැන්වීමට ඉඩ ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය සඳහා වන ඉන්දීය නිල සංචිතය තේරීම් කමිටුව විසින් මෙම සතිය අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය ආරම්භ වන්නේ 2023 නොවැම්බර් 23 වන දිනයි.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post