| CRICKET Sikandar Raza විසින් Williams ගේ වාර්තාව අහිමි කරයි

Sikandar Raza විසින් Williams ගේ වාර්තාව අහිමි කරයි

Sikandar Raza විසින් Williams ගේ වාර්තාව අහිමි කරයි post thumbnail image

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (20) සමත් වුණා. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් වාර්තා කළා. 

එහිදී සිම්බාබ්වේ වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Sikandar Raza විසින් ලකුණු 55කට කඩුලු 4ක් බිඳ දවා ගත්තා. 

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 316 ක ඉලක්කයක් හඹා යාමට සිදු වුණා. 

එහිදී Raza විසින් පන්දුවෙන් දවා ගත් කඩුලු හතරට අමතරව පිත්තෙන් වේගවත් ශතකයක් ද (102) වාර්තා කළා. 

එම ශතකය වාර්තා කිරීම සඳහා ඔහුට වැය වී තිබුණේ පන්දු 54ක් පමණයි. 

ඒ අනුව එක්දින ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තාවේ අයිතිය Sean Williams හට අහිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post