2024 බටහිර ඉන්දීය කොදෙව්හීදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ ස්ථානයක් හිමි කර ගැනීමේ අරමුණින් තුන් ඉරියව් ක්‍රීඩක Sikandar Raza සිම්බාබ්වේ T20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායම පසුගියදා නැමීබියාව හමුවේ විස්සයි 20 තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව මෙම වෙනස සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රාසා මීට පෙර 2015 සිට 2021 දක්වා තරඟ හතරකදී සිම්බාබ්වේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.
(dailysports.online)