| CRICKET පර්සිට මිලියන 5ක තෑග්ගක්

පර්සිට මිලියන 5ක තෑග්ගක්

පර්සිට මිලියන 5ක තෑග්ගක් post thumbnail image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පිටියේ ජනප්‍රිය චියර්ලීඩර් කෙනෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 5 ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ පර්සි අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබුණා.

පර්සි මහතාගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් මෙම පරිත්‍යාගය භාරදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post