ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන දවස අද (17) ආරම්භ වුණා.
එහිදී ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබා ගත්තා.
සිය ශතකය සඳහා ධනංජය පන්දු 175කට මුහුණදුන් අතර ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වනවා.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙනවා.