ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ අද දිනට තරගය නිමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගත්තා.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Agha Salman 61ක් සහ Saud Shakeel 69ක් රැස්කළා.
පන්දු යැවීමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ කසුන් රාජිත, සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
