ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, අද (17) සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.
උපනායක ධනංජය ද සිල්වා ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122ක් රැස්කළා.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.
