ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම අද උදෑසන සිය ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ කඩුලු 5ක් දැවී ලකුණු 576ක් තිබියදීයී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 166ක් පමණයි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුව තිබෙනවා.
