ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වුණා.
නමුත් තරගය ආරම්භ වී සුළු මොහොතකට පසුව ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය මදකට නතර කිරීමට බලධාරීන් තීරණය කළා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කරගෙන සිටිනවා.
