හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකු, රජිත රාජකරුණා, පසිදු කොඩිකාර, දිනුක දේශාන් සහ දිල්හානි ලේකම්ගේ මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
ලෝක ශූරතා තරගාවලියට මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් හා මීටර් 1500 ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න සුදුසුකම් සැපිරුවද ඔවුන් දෙදෙනාම සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව සඳහන්.
හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 19 වැනි දා ආරම්භ වනවා.
