ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග පරාජයන්ට පත් වූ කණ්ඩායම් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.
ඒ ඊයේ(30) පැවැති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමගයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ තරග 86 ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 43ක් පරාජයට පත් වී තිබෙනවා.
මීට පෙර මේ ස්ථානයේ සිටියේ තරග 42ක් පරාජයවූ සිම්බාබ්වේ කණ්ඩායමයි.
(dailysports.online)