2026 FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකාව දැඩි කොන්දේසි මත ඇතුළත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සුදුසුකම් ලැබීමේ ආරම්භක තරගයට අවම වශයෙන් දින 10 කට පෙර නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.
FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ජනවාරි 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලද අතර එබැවින් ශ්‍රී ලංකාව දැන් FIFA සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගී වීමට නුසුදුසු බවයි මීට පෙර දැනුම්දුන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව ඔක්තෝබර් 12 වැනිදා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට එක්වීමට නියමිතයි.
නමුත් කොන්දේසි සපුරා නැත්නම් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.
මේ සම්බන්ධයෙන් නිල යාවත්කාලීන කිරීම එහි කමිටුව සඳහා යවා තිබෙනවා.