නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (12) සමත් වුණා.
මෙරට කාන්තා විස්සයි-20 තරග ඉතිහාසයේ පමණක් නොව කාන්තා එක්දින තරග ඉතීහාසයේදීද කඩුලු 10ක් ඉතිරිව තිබියදී තරගයක් ජය ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින් මෙම තරගය ඉතිහාස ගත වනවා.
මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් රැස් කළා.
සොපී ඩිවයින් ලකුණු 46ක් සහ සුසී බේට්ස් ලකුණු 37ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14 පන්දු 3 කදී කිසිවකුත් නොදැවී ලකුණු 143ක් ලබා ගනිමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
චමරි අතපත්තු ලකුණු 80ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49ක් රැස් කළා.
