| CRICKET කලකට පසු සිංහයන් එක දිගට ජය පැන් බොයි

කලකට පසු සිංහයන් එක දිගට ජය පැන් බොයි

කලකට පසු සිංහයන් එක දිගට ජය පැන් බොයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – ඕමාන කණ්ඩායම අතර අද පැවති තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී කඩුළු 5ක් දවාගැනීමට වනිදු හසරංග සමත්වීම විශේෂත්වයක්.

ලකුණු 99ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 15කදී ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට සමත්වුණා.

පිතිකරණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අර්ධශතකයක් රැස්කිරීමට සමත්වුණා.

දිමුත් පිට පිට ලබාගත් 4 වෙනි අර්ධශතකය මෙය වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post