2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට පැවැත් වෙනවා.
අද දවසේදීත් ලකුණු 200ට අඩුවෙන් පිට පිට 8 වන වරටත් ප්‍රතිවාදී ඉනිම සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 165ක් පමණයි.
මෙම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 166ක්.
