2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි හය දෙනාගේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව අද (07) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගයට පිවිසියා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙවුවන් පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් වුණා.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් කොදෙව් පිල පළමුව පන්දුවට පහර දුන් අතර, කොදෙව් ඉනිම වෙනුවෙන් කීසි කාති ලකුණු 87ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.
මෙම තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 244ක ඉලක්කයක් හිමි වනවා.
