2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව මෙම තරගය ශ්‍රී ලංකාව පිට පිට ජයගත් 9 වන තරගය වනවා.
කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි.
Keacy Carty ලකුණු 87,Johnson Charles ලකුණු 39ක් රැස් කළා.
පන්දු යැවීමේදී Maheesh Theekshana කඩුලු 4ක් සහ Dushan Hemantha කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44 පන්දු 2 අවසානයේ ජයග්‍රාහී සිමාව පසු කර ගියා.
Pathum Nissanka ලකුණු 104ක් සහ Dimuth Karunaratne ලකුණු 83ක් රැස් කළා.
මේ අතර පැතුම් නිශ්ශංක අද දවසේ සිය එක්දින දිවියේ 3 වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

