| CRICKET ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පත්වීමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පත්වීමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පත්වීමක් post thumbnail image

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස තරිඳු පෙරේරාව පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. 

ඒ අනුව ජූලි 01 වනදා සිට වසර දෙකක කාලයක් සඳහා ඔහුගේ පත්වීම වලංගු වනු ඇති. 

තරිඳු පෙරේරා එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සිව්වැනි අදියරයේ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස පත්වීම් ලබාසිටිනවා. 

එමෙන්ම එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වොර්ක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ කටයුතු කර ඇති බවද සඳහන්. 

ඊට අමතරව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සහ වෙස්ඩ් එන්ඩ් රෙඩ් බැක්ස් ඇතුළු තවත් ක්‍රීඩා සමාජ ගණනාවකම ඔහු පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post