| CRICKET 2023 CWC | සිංහයන් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2023 CWC | සිංහයන් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2023 CWC | සිංහයන් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි post thumbnail image

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ 2 වන තරගය කඩුලු 9ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා. 

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති මේ තරගයේ පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකාව තීරණය කළා. 

එහිදී අද දවසේදීත් ලකුණු 200ට අඩුවෙන් පිට පිට 8 වන වරටත් ප්‍රතිවාදී ඉනිම සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුනේ ලකුණු 165ක් පමණයි. 

Sean Williams ලකුණු 56, Sikandar Raza ලකුණු 31ක් සහ Ryan Burl ලකුණු 16ක් බැගින් රැස් කළා. 

ඒ අනුව ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා. 

Pathum Nissanka නොදැවී ලකුණු 101, Dimuth Karunaratne ලකුණු 30ක් සහ Kusal Mendis නොදැවී ලකුණු 25ක් ලෙස රැස් කිරීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 එක් දින ලෝක කුසලානය සඳහා නිල වශයෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post