ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනවා.
මේ අතර මේ වනවිටත් එම තරගාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.