2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද පැවැති තරගයෙන් ලකුණු 133 විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළා.
එමෙන්ම දිමුත් කරුණාරත්න සිය එක්දින මංගල ශතකය වාර්තා කිරීමටද සමත් වුණා.
සදීර සමරවික්‍රම ලකුණු 82ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 42ක් බැගින් ලබා ගත්තා.
ලකුණු 326ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 192 ක් පමණයි.
Curtis Campher ලකුණු 39,George Dockrell ලකුණු 26ක් ලබා ගත්තා.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 3 ම ජය ගත් අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.
