| CRICKET 2023 CWC | සිංහයන් පිට පිටම ලන්දේසි ජයත් උදුර ගනියි

2023 CWC | සිංහයන් පිට පිටම ලන්දේසි ජයත් උදුර ගනියි

2023 CWC | සිංහයන් පිට පිටම ලන්දේසි ජයත් උදුර ගනියි post thumbnail image

2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ Super Six වටයේ නෙදර්ලන්තට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය  ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. 

ඒ අනුව පන්දුවාර 47 පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 213 රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

Dhananjaya de Silva ලකුණු 93,Dimuth Karunaratne ලකුණු 33ක් සහ Maheesh Theekshana ලකුණු 28ක් ලෙස රැස් කළා. 

ලකුණු 214ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම රැස් කළේ පන්දුවාර 40 තුළ ලකුණු 192ක් පමණයි.

Scott Edwards නොදැවී ලකුණු 67, Wesley Barresi ලකුණු 52,Bas de Leede ලකුණු 41ක් ලබා ගත්තා. 

කඩුළු දවා ගැනීමේදී Maheesh Theekshana කඩුලු 3ක් සහ Wanindu Hasaranga කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post