2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයෙන් ලකුණු 82ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස්කිරීමට සමත්වුණා.
ඒ, අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 246ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ස්කොට්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දුවාර 29 කදී ලකුණු 163ක් පමණයි.
පන්දුයැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 3ක් දවාගැනීමට සමත්වුණා.
ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්.