| FOOTBALL සෞදි අරාබියේ Al-Ettifaq කණ්ඩායමට නව කළමනාකරුවෙක්

සෞදි අරාබියේ Al-Ettifaq කණ්ඩායමට නව කළමනාකරුවෙක්

සෞදි අරාබියේ Al-Ettifaq කණ්ඩායමට නව කළමනාකරුවෙක් post thumbnail image

හිටපු පාපන්දු ක්‍රීඩකයෙක් වන එංගලන්ත සහ ලිවර්පූල් මැදපෙළ ක්‍රීඩක Steven Gerrard (ස්ටීවන් ජෙරාඩ්) සෞදි අරාබියේ Al-Ettifaq (අල්-එටිෆාක්) පාපන්දු ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලෙස නම් කර තිබෙනවා.

43 හැවිරිදි ජෙරාඩ් සෞදි ක්‍රීඩා සමාජය සමඟ වසර දෙකක ගිවිසුමක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Al-Ettifaq පසුගිය වාරයේ කණ්ඩායම් 16කින් සමන්විත Saudi Pro League තරඟාවලියේ හත්වන ස්ථානයට පත් වූ අතර, ශූරයන් වන Al-Ittihad කණ්ඩායමට වඩා ලකුණු 35ක් පසුපසින් සිටියා.

ජෙරාඩ් 2016 දී ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගත් අතර ඔහුගේ පළමු කළමනාකරණ භූමිකාව වූයේ ස්කොට්ලන්ත සමාජයක් වන රේන්ජර්ස් ක්‍රීඩා සමාජය සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post