බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව වාර්තා වනවා.
35 හැවිරිදි නරේන් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2019 අගෝස්තු මාසයේදී බව සඳහන්.
ඔහු ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසෙන්නේ 2011 වසරේ දෙසැම්බර් මාසයේදීයි.
ඒ අනුව ඔහු ජාත්‍යන්තර තරග 122 කට ක්‍රීඩා කර ඇති අතර එයට ටෙස්ට් තරග 6ක් එක්දින තරග 65ක් සහ විස්සයි 20 තරග 51ක් ඇතුළත් වනවා.
(dailysports.online)