| CRICKET ASIA CUP SUPER 4 වටයේ ප්‍රවේශපත්‍ර මිල තවත් පහළට – මිලදී ගත හැකි තැන් මෙන්න

ASIA CUP SUPER 4 වටයේ ප්‍රවේශපත්‍ර මිල තවත් පහළට – මිලදී ගත හැකි තැන් මෙන්න

ASIA CUP SUPER 4 වටයේ ප්‍රවේශපත්‍ර මිල තවත් පහළට – මිලදී ගත හැකි තැන් මෙන්න post thumbnail image

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රවේශපත්‍රයක මිල ගණන් තවත් අඩුකර තිබෙනවා.

ඒ අනුව C සහ D Upper Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 1,000ක් දක්වා පහළ දමා ඇති බව සඳහන්.

මේ අතර, C සහ D Lower Block කොටසේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු 500ක් ලෙස දැක්වෙනවා.

අද පස්වරු 3ට ආරම්භ වූ ඉන්දියා – පාකිස්තානය තරගය ඇතුළුව සියලුම සුපිරි සිව්දෙනාගේ තරග සඳහා මෙම මිල පහළ දැමීම අදාළ වන බවයි වාර්තා වන්නේ.

ප්‍රවේශපත්‍ර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කවුන්ටරයෙන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම http://pcb.bookme.pk වෙතින් මාර්ගගත ටිකට්පත් මිලදී ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post